මාත් එක්ක ඉන්න අනිත් කෙනා පෙහොට්ටුවේ කාන්තන්කුඩි සංවිධායක…… ඒවා හරිද? හකීම් දිනේෂ්ගෙන් අසයි….

0

තමා හා සහරාන් සිටින වීඩියෝවේ සිටින එක් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩි සංවිධායක බව අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන විසින් මේ පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“කොහෙන් ද අහුලගත්ත විඩියෝ පටියක්, ඡායාරූපයක් තියාගෙන මට ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධයක් තිබුණා කියලා මවන මේ කතාව ගැන මම කණගාටු වෙනවා. ඊට වඩා රසවත් ඡායාරූපය ටිකක් මම අද පෙන්නම්. කොයි තරමේ අයද ඔබතුමන්ලා පත් කරගෙන ඉන්නේ කියලා බලන්න. බැලුවාට පස්සේ මගේ පැත්තට ඇඟිල්ල දික්කරන්න. දැන් මට මඩ ගහන මුස්ලිම් මවුලවිවරු මොනවගේ නායකයෝ එක්ක එසුරු කරනවා ද කියන එක ගැන ත් මගේ ලඟ ඡායාරූප තියනවා. මම මේ පුද්ගලිකව කරන වැඩක් නෙමෙයි. මම ඉතාම කණගාටු වෙනවා. මම කටයුතු කළේ ඉතාම ස්වාධීනව ඉතාම සමබරව. කාටවත් වාසි වන විදියට අපි ඒක කළේ නෑ. වාර්තාවත් අපි ඉතාම ස්වාධීනව හා සමබරව සකස් කලේ. මේ තේරීම් කාරක සභාව වර්ජනය කරන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පොදු විපක්ෂය තීරණයක් ගත්තා. ඒ තුලින් යම් විශ්වසනීය භාවය පිළිබඳව කැලැලක් ඇති කිරීමේ උත්සහයක් ඇති. මම කණගාටු වෙනවා පටු දේශපාලන උවමනාවන් තකා මෙවැනි චෝදනා මට එල්ල කිරීම ගැන.” අමාත්‍යවරයා සඳහන් කළා.