ආගමික අන්තවාදය පැතිරවීමේ උත්සාහයක්. – කැෆේ මැතිවරණ කොමිසමට ලියයි

0

ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය තුළ අගමික අන්තවාදී තත්වයන් මතුකර දැක්වීමේ උත්සාහයක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සංවිධානාත්මකව අන්තවාදී තත්වයන් මතුකර දැක්වීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇති බවත් කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි අරියවංශ සඳහන් කළා.

මීට අමතරව  ප්‍රසිද්ධ මැතිවරණ ජනහමු තුළ පවා ආගමික අන්තවාදය මතුකරන ආකාරයේ ප්‍රකාශ ඉස්මතු වෙමින් පවතින බව ද කැෆේ සංවිධානයේ නිරීක්ෂණය බවයි ඇය පවසන්නේ.

තමන් කැමති අපේක්ෂකයෙකුට සහය දැක්වීම නිසා   ජන වර්ගයආගම,භාෂාව හෝ කුලය පදනම් කරගනිමින් යම් පුරවැසියෙකුහෝ ජනකණ්ඩායමක්වෙන්කොට සැලකීම ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය මෙම ලිපිය මඟින් අවධාරණය  කර තිබේ.  එමෙන්ම  මෙම තත්වය ඉදිරියේදී වාර්ගික ගැටුමක්දක්වා වූව වර්ධනය කරවිය හැකි අතර එය  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා බාධා පමුණුවන බව ද එම ලිපියේ දැක්වෙයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here