කුමන්ත්‍රණය සිහිකිරීම: ශ්‍රී ලාංකික ආත්මය සැමරීම

0

කුප්‍රකට දින 52කුමන්ත්‍රණය ආරම්භයේ වසරකසංවත්සරය 2019 ඔක්තෝබර් 26 දිනටයෙදී තිබේ.

කුමන්ත්‍රණය ශ්‍රී ලංකා සමාජයේ හොඳම හා නරකම දේ උද්දීපනය කළේය.

කුමන්ත්‍රණයෙන් රාජපක්ෂ කඳවුරුවල බලය පිළිබඳ තණ්හාව හා ඕනෑම ආකාරයකින් බලය අල්ලා ගැනීමට ඇති කැමැත්ත ප්‍රදර්ශනය විය. කුමන්ත්‍රණය අතරතුර, බලය උදුරා ගැනීමේ ක්‍රම අතර:

ව්යවස්ථා විරෝධී ලෙස අග්‍රාමාත්‍යවරයකු ඉවත් කිරීමට ගත් උත්සාහයන්;

පාර්ලිමෙන්ගේ වාරය අවසන් කිරීම;
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් මිලට රැස් කිරීමට උත්සාහ කිරීම;

පාර්ලිමේන්තුව ව්‍යවස්ථා විරෝධී ලෙසවිසුරුවා හැරීමට උත්සාහ කිරීම;

ශ්රේෂ්ඨාධිකරණය විසුරුවා හැරීමේ නියෝගය අත්හිටුවන විට පාර්ලිමේන්තුවේ සැසිවාරවලදී කථානායකවරයා මුලසුන ගැනීම නීති විරෝධී ලෙස වැළැක්වීමට උත්සාහ කිරීම;

පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩත්වය භාවිතාකිරීම (මිරිස් කුඩු, බයිබල්, පුටු විසි කිරීම, උපකරණ කැඩීම, පොලිස් නිලධාරීන්ට පහර දීම සහකථානායක පුටුවසොරකම් කිරීම!); සහ

රාජපක්ෂ කැබිනට්මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනාවන් නොතකා ආණ්ඩුවක් ලෙසකටයුතු කිරීමටඋත්සාහ කිරීම(අභියාචනාධිකරණය රාජපක්ෂ කැබිනට්මණ්ඩලය වළක්වාලීමට මැදිහත්වන තුරු!)

කුමන්ත්‍රණයෙන් ශ්‍රී ලාංකික ආත්මයේ හොඳම දේ ද විදහා දැක්වීය.

මහජන ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිරෝධය;

අධිකරණයේ ස්වාධීනත්වය;

රාජපක්ෂයන් විසින් ඔවුන්ගේ පාර්ලිමේන්තු ඡන්දය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු;

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කොටසක්නොවූවත්, කුමන්ත්‍රණයට ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් දැක්වූ JVP සහ TNA වැනිදේශපාලන පක්ෂවල, සහ SLMC සහ ACMC පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති.

2018 ඔක්තෝබර් 26 සිට වසරක් ගතවන විට, ජනාධිපතිවරණයක් අප ඉදිරිපිට ය.

නීතිවිරෝධී, ව්‍යවස්ථාවිරෝධී හා සදාචාරවිරෝධී ලෙස බලය උදුරා ගැනීමට ඕනෑම ක්‍රමයක් භාවිතා කරන බව පෙන්නුම් කළ රාජපක්ෂ පාලනතන්ත්‍රය දැන් ඡන්දය ඉල්ලා සිටී. ඔවුන්ගේ අපේක්ෂකයා ද ඔහුගේ අභිමතාර්ථ සාක්ෂාත්කර ගැනීම සඳහා ඕනෑම (නීති විරෝධී) ක්‍රමයක් පවා භාවිතා කිරීමට අවසර ඇති බව විශ්වාස කරන අයෙකි. කුමන්ත්‍රණය අතරතුර ප්‍රචණ්ඩකාරී ලෙසහැසිරුණු අය(පාර්ලිමේන්තු සභාවේදේපළ කොල්ලකෑම සහඑහි පොලිස්නිලධාරීන්ට පහර දීම)අපේක්ෂකයා වටා රොක් වී ඇත.

SLPP අපේක්ෂකයා ජනවාර්ගික හා ආගමික හා ගැටළු ඇති කිරීම සඳහා ප්‍රචණ්ඩ, මූලධර්මවාදී කණ්ඩායම් පෝෂණය කර, එම ආතතීන් ඔහුගේ දේශපාලන අරමුණු සඳහා උපකාරී කරගෙන ඇත.

ගෝතබයා රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් ධුරය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය, බොදු බාල සේන සහ රාවණා බලය වැනි සංවිධානවලට දැඩි ලෙස අරමුදල් සම්පාදනය කර අනුග්‍රහය දැක්වීය. අන්තවාදී සිංහල-බෞද්ධ කණ්ඩායම් විසින් මුදා හරින ලද හිංසනය, සහරාන් හෂීම් වැනි මූලධර්මවාදී ඉස්ලාමීය කන්ඩායම් විසින් මුස්ලිම්වරුන්ට අනුශාසනා කිරීම සඳහා සාරවත් පදනමක් නිර්මාණය කළේය.

පාස්කු ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව, මෙම ප්‍රහාරයන් කිසියම් අපේක්ෂකයෙකු පෙරට ගෙන යාමේ උපක්‍රමයක කොටසක් දැයි සැකය පල කළේය.

කුමන්ත්‍රණයේ ප්‍රතිපලය වූයේ ජාතික ආරක්ෂක කවුන්සිලය ක්‍රියාත්මක නොවීම සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාට ජාතික ආරක්ෂාව පිලිබඳ තොරතුරු වාර්තා නොකිරීමය.

මේ අනුව, කුමන්ත්‍රණකරුවන් සියල්ලන්ම පාස්කු ප්‍රහාරය සිදුවිය හැකි තත්වයක් නිර්මාණය කිරීමේ වරදට වැරදිකරුවන්ය. කුමන්ත්‍රණයෙන් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික හානියක් ද සිදුවිය. යථා තත්ත්වයට පත්වීමට පටන් ගත් රුපියල දිගටම පහත වැටීගෙන ගියේය. රට තුළට ඇතුළු වීමට නියමිතව තිබූ විදේශ ආයෝජන අත්හිටුවීය. සමහර විදේශ ආයෝජන මුල්‍ය වෙළදපොලින් පිටතට ගන්නා ලදී. ආයෝජකයින්ගේ විශ්වාසය අඩු විය.

දින 52 කුමන්ත්‍රණය අපට මතක ඇති අතර, ශ්‍රී ලංකා ආත්මයේ ඔරොත්තු දීමේ හැකියාවද සමරන අතර, කුමන්ත්‍රණය සාක්ෂි දැරූ දෙය ද මතක තබා ගනිමු – රාජපක්ෂවරූන්ගේ බලය සඳහා ඇති කෑදරකම.

මෙම නොවැම්බර් 16 වන දින ඡන්දය ප්‍රකාශ කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම දක්වා බලය සඳහා ඇති කෑදරකම ඇති රාජපක්ෂයන් සහ ඔවුන්ගේ හිතවතුන් නැවත කිසි දිනෙක බලයේ ස්ථාපිත නොවන ලෙස වග බලාගනිමු.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here