ලොවක් හඩවමින් සුජිත් නික්ම යයි…… දෙමාපියනි, කරුණාකර ඔබේ දරුවාට අවධානය දෙන්න!

0

තම්ල්නාඩුවේ ට්‍රිචි නගරයේ නළ ලිඳක් තුළ දින 3 ක් පුරා හිර වී සිටි දෙහැවිරිදි පුංචි සුජිත් විල්සන් මරණයට පත් වූවා.

සුජිත් නල ලිදේ හිරවීමෙන් පැය 62 කට පසුව ගලවා ගැනීමේ කණ්ඩායම ඔහුගේ දේහය ගොඩ ගැනීමට සමත් වූ අතර ඒ වන විටත්ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණ වලින් පසුව සුජිත්ගේ දේහය මවුපියන් වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ස්වාභාවික හේතු නොවන මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින අපට අහිමි වන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවති. අතීතයේ වසංගත රෝග වලින් මියගිය ප්‍රමාණයට සාපේක්ෂව මිනිසා විසින් නිර්මාණය කළ දුප්පත්කම, ආහාර අහේනිය, යුද්ධය, නොසැළකිල්ල නිසා ඇති වන අනතුරු, ලිංගික බලහත්කාරකම් හා ලිංගික අපයෝජන වැනි හේතුන් නිසා මිය යන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

මෙවන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අකාලයේ තමා මිය යන්නේ ඇයිද කියා පවා නොදැන මිය යාමට සිදු වූ පළමු දරුවා සුජිත් විල්සන් නොවේ. මෙලෙස මිනිසුන් තිරශ්චීන ගති තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් ඔහු අවසාන දරුවාද නොවනු ඇත.

යුද්ධය නිසා සිරියාවෙන් පලා යමින් සිටියදි අවසානාවන්ත ලෙස තුර්කි වෙරළේ දි මියගිය අලන් කුර්දි මතකද? ලොවම ඔහු හඳුනා ගත්තේ රතු කමිසය හැදගත් දරුවා ලෙසිනි. ලංකාවේදි පාපතරන්ගේ ග්‍රහනයට හසුවී මිය ගිය සේයා මතකද? සෝමාලියාවේ, උගන්ඩාවේ, අප්‍රිකාවේ දිනකට නිරාහාරයෙන් මිය යන දරුවන් ප්‍රමාණය මතකද?

දැන්වත් අපි අපේ දෑස විවර කර ගත යුතු කාලය පැමිණ ඇත. පවතින ආර්ථික රටාව අනුව දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් වෙන් කළ හැකි කාලය අවම විය හැකිය. ඒත් ඔවුන් කෙරෙහි දක්වන සැලකිල්ල හෝ අවධානය එක තත්පරයට හෝ ඉවත දැමිය හැකිද?

එසේම දරුවන්ට මේ ලෝකයේ නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරයද නිර්මාණය කළ යුතුය. IS නායකයා මිය යෑමෙන් පසුව හෝ මේ ලෝකයේ යුද්ධය අවසන් වනු ඇතිදැයි උපේක්ෂාවෙන් බලා සිටිමු. එය අපේ දරුවන්ගේ හෙට දවස වර්ණවත් වනු ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here