ITN වෙත මැතිවරණ කොමසාරිස්ගේ තහනම් ඉවතට….. එක නාලිකාවකට පමණක් තහංචිදාන්න බෑ…., සත්‍ය පිලිගනි!

0

සියලුම සජිවි දේශපාලන සංවාද, වැඩසටහන් වල සජිවි විකාශයන් වහාම අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ස්වාධීන රූපවාහිනි සේවය වෙත කල තහනම් ඉවත් කොට තිබෙනවා.

ITN සභාපතිනිය වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරන්නේ ඒ නියෝගය වෙහුවෙන් ඉදිරිපත් වූ නියෝජන සැළකිල්ලට ගෙන තම විසින් මෙම නියෝගය අත්හිටුවන බවට තීරණය කළ බවයි.

විශේෂයෙන්ම එක් රූපවාහිනි නාලිකාවකට පමණක් මෙම නියෝගය කල නොහැකි බවත් ඒ හරහා වෙනස්ව සැළකීමක් සිදු වන බවටත් ඉදිරිපත් වූ නියෝජනය කෙරෙහි සිය අවධානය යොමු වූ බවත් මැතිවරණ කොමසාරිස් මෙහිදි සඳහන් කොට තිබෙනවා.

2019. 11.03 දින මැතිවරණ කොමසාරිස් විසින් සිය නියෝගය අත්හිටුවමින් යවනු ලැබු ලිපිය, 

පසුගිය බදදා එනම් ඔක්තෝබර් 30 වෙනිදා හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර සමඟ සිදු කළ සීතල ඊතල වැඩසටහන හරහා තම කීර්ති නාමයට හානියක් වූ බව පවසමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් කල පැමිණිල්ල අනුව මැතිවරණ කොමසාරිස්වරයා නොවැම්බර් 04 වෙනිදා සිට සියළුම දේශපාලන වැඩසටහන් හා සංවාද සජීවිව විකාශය නතර කරන ලෙසත් සියළුම වැඩසටහන් පටිගත කොට මැතිවරණ කොමිසමේ අධික්ෂණයට ලක් කොට ප්‍රචාරය කල යුතු බවත් නියෝගකලා .

එම නියෝගය කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එවනු ලැබූ ලිපිය පහතින්,

මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම නියෝගය සමාජයේ සෑම තරාතිරමක පාගේ ජනතාවගේ දැඩි විවේචනයට ලක් වූ අතර සමහර පෞද්ගලික නාලිකා ප්‍රසිද්ධියේ තම ප්‍රධාන ප්ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළ පවා අසත්‍ය, ව්‍යාජ වෛරි ප්‍රකාශ සිදු කරමින් ජනාධිපති අපේක්ෂකයන්ට මඩ ගැසීමට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු නොකිරීම මෙහිදී දැඩි විවේචනයට ලක් වූවා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here