පීඩාකාරී රාජපක්ෂ තන්ත්‍රය පරාජය කිරීමට ඡන්දය දෙන්න!

0

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂකයන් අතරින් තුන්වන බලවේගය ලෙස මේ වන විට අපේක්ෂකයන් 5 දෙනෙකු මතුවෙමින් පවතිනවා.

ඒ කෙසේවෙතත් ප්‍රධාන අපේක්ෂකයක් ද්විත්වය වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයි.

වත්මන් ආණ්ඩුවේ අඩුපාඩු කුමක් වුවත්, රාජපක්ෂ අපේක්ෂකත්වය ප්‍රජාතන්ත්‍රවාදයටම බරපතල අනතුරක් බව පැහැදිලිය. ප්‍රේමදාස ජනාධිපති ධුරයක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයටම බාධාවක් නොවේ. එවැනි තත්වයන් තුළ සෑම පුරවැසියෙකුම නැණවත් ලෙස ඡන්දය දීම අතිශයින් වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ සාර්ථක නොවන බවට සහතික කිරීමටය.

‘තුන්වන බලවේගයක්’ සඳහා ඡන්දයදීම යනු සජිත් සහ ගෝඨාභය අතර සටනේ ගෝඨාභය රාජපක්ෂ වෙත දේශපාලන සහය ලබා දීමක් වේ.

මේ අනුව සජිත් හැර වෙනත් ඕනෑමකෙනෙකුට ඡන්දය දීම ඇත්තවශයෙන්ම ගෝඨාභයට ඡන්දය දීමකි.එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කිරීමට අපි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ සජිත්ට ඡන්දය දෙන ලෙසයි.

පාර්ලිමේන්තු මැතිවරණයකදී තෙවන බලවේගයකට ඡන්දය දිය හැකි අතරඑහිදී ඔවුන්ට පක්ෂව ලැබෙන සෑමඡන්දයක්ම ගණන් ගත හැකිය.

තුන්වන බලවේගයකට ඡන්දයප්‍රකාශ කිරීමට තවමත් කැමති අය සඳහා, ගෝඨාභය පරාජය කිරීමේ සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කිරීමේ දැවෙන අවශ්‍යතාව ඔබ මතකයේ තබා ගන්නා ලෙස අපිඉල්ලා සිටිමු.

එබැවින්, ඔබ අනුරකුමාර දිසානායක වෙනුවෙන් ඔබේමනාපය (උදාහරණයක් ලෙස) ඉදිරිපත්කරන්නේ නම්, කරුණාකර:

–      ඔහුගේ නම ඉදිරිපිට “1”ලකුණු කරන්න; සහ

–      සජිත් ඉදිරිපිට ‘2’ ලකුණුකරන්න

ඒ ආකාරයෙන්, අවම වශයෙන් දෙවනගණන් බැලීමේදී, ගෝඨාභය වැනිඒකාධිපතියෙකු මේ රට  පාලනයකිරීමෙන් මේ රට බේරා ගැනීමට අපට සහතික විය හැකිය.

JVP වැනි කුඩා පක්ෂවලට පවා මෙය යහපතට හේතු වනු ඇති බවට සැකයක් නැත. රාජපක්ෂ ජනාධිපතිධුරයක් තුල JVPගේ දේශපාලනඅවකාශය පවා හීන වනු ඇත.

අවසාන වශයෙන් ඩෙස්මන්ඩ් ටුටු අගරදගුරු හිමියන්ගේ වාක්‍යයක් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

“ඔබ අයුක්තිය සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටින්නේ නම්, ඔබ තෝරාගෙන ඇත්තේ පීඩකයාගේ පැත්තයි”



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here