නොවැම්බර් 16 පස්සේ අගමැතිට මොකද වෙන්නේ?

0

නොවැම්බර් මස 16 වෙනිදායින් පසුව අගමැතිධුරයට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැහැදිලි කොට සිටියා.

අගමැතිවරයා මේ බව පවසා සිටියේ අද කොළඹදී පැවති ටෝක් විත් පී එම් වැඩසටහනට එක්වෙමින්ය .

“විශ්වාසභංග යෝජනාවක් sසම්මත කලොත් ඒ යෝජනාව සම්මත කළ විගසම ඒ තනතුර නැතිවෙනවා. වෙන එකක් තියා අගමැතිගේ කාර් එකේවත් නැගලා යන්න බෑ අරලියගහ මන්දිරයට. ඒකටත් ගෙවන්න වෙනවා. විශ්වාසය තියනවා නම් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වෙනක්ම් තියනවා. වැඩබලන අගමැතිවරයා විදියට තියනවා. ඡන්ද ප්‍රතිඵල ලැබුණ ගමන්ම ඒ තනතුරු ඔක්කෝම අහෝසි වෙනවා. අහෝසි වෙලා ආපහු පාර්ලිමේතුවේ බහුතර බලය තියන තැනැත්තාව පත් වෙනවා. මේක දින 52 කාලයේ නඩු තින්දු දෙකක් තියනවා. මහින්ද රාජපක්ෂ අගමැති නෙමෙයි කියලා ගොනු කළ නඩුවත්, සම්බන්ධන් එරෙහිව නිතිපති නඩුවත්. මේකෙන් පාර්ලිමේන්තුවේ බලය තහවුරු වෙලා තියනවා කවුද අගමැති තෝරන්නේ කියන එක ගැන. දැනට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට.

වාරය අවසන් කිරීම හරි විධායකයේ කැමැත්තට කරන්න බෑ. ව්‍යවස්ථාවේ තියනවා සාමාන්‍යයෙන් දැන් වාරයක් අවසන් කළාම ඒ කාල සීමාව දවස් 10කට වඩා යන්න බෑ කියලා.” අගමැතිවරයා මෙහිදී පැහැදිලි කර සිටියා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here