ගෝඨාගේ පුරවැසිකම ගැන මැ.කොට RTI ඉල්ලීමක්…. අපි ගෝඨාගේ ID එකවත් ගත්තේ නෑ….. මහින්ද කියයි..!

0

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිභාවය අත හැරීම පිළිබඳව සඳහන් නෛතික ලේඛන මැතිවරණකොමිසම වෙත භාර දී ඇත්දැයි විමසිමක් කර තිබෙනවා.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අදාළ ඉල්ලීම පානදුර ප්‍රදේශයේ පදිංචි අකලංක හෙට්ටිආරච්චි නම් පුද්ගලයෙක් විසින් කර ඇත.

ඒ අනුව,ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිභාවය අත්හල බව සනාථ කිරීම සඳහා තහවුරු කිරීමේ සාක්ෂි මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේද? එසේ නම් එම ලේඛනවල සහතික පිටපත් ලබා දෙන ලෙස ද? එම ඉල්ලීම මගින් ඉල්ලා තිබෙනවා.

එසේම ඉදිරිපත් වී ඇති ලේඛන අනුව ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය අත්හල බව මැතිවරණ කොමිසම විසින් තීරණය කොට තිබේ ද යන්න ද එම ඉල්ලීම තුළින් විමසා තිබෙනවා.

 එම ඉල්ලීම සඳහන් ලිපිය පහතින්,

මේ අතර BBC සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉල්ලා ඇති අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය මූලික ලියවිලි හැරුණු විට ගෝඨාභය රාජපක්ෂගේ හැදුනම්පතේ ෆොටෝ කොපියක් හෝ කොමිසම ලබා නොගත් බවයි.

එම වීඩියෝව පහතින්,