වෘත්තීය, ජීවිතය පවා පවා දෙමින් ගෝඨාට සුදු හුණු ගාන කලාකරුවෝ….. ගාණ ලැබෙනවා නම් කවුරු මැරුණත් කමක් නෑ!

0

රටක පාලකයෙක් යන ගමනට මාධ්‍යවේදීන් පවා හරස් වේ නම් ඔවුන්ගේ කට වසා ඉවත් කළ යුතු බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සහය පලකරන “කලා පවුර” සංවිධානයේ සමාජිකයෙක් වන චන්ද්‍රනාත් වීරසිංහ පවසා තිබෙනවා.

“කලා පවුර” සංවිධානය විසින් ඊයේ (11) මාතර දි කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදි ගෝඨාභයට සහාය දක්වන ඔබ මාධ්‍යවේදීන් පැහැරගෙන යාම, මරා දැමීම යන චෝදනා ගැන කියන්නේ කුමක්දැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් අසනු ලැබු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කොට තිබෙනවා.

එහිදි අදහස් දැක්වූ ගීත රචක මාධ්‍යවේදි චන්ද්‍රනාත් වීරසිංහ “මම ප්‍රේමදාසගේ වැඩසටහන් ගනනාවකට ගීත ලිව්වා. සජිත්ටත් ලිව්වා. දැන් මම වෙනස්” යනුවෙන් ද පවසාසිටියා .

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ ජයසේකර අපොන්සු තමා කතා කරන්නේ කුමක්ද? කතා කළ යුත්තේ කුමක්ද යන්න පවා අවබෝධ කර නොගෙන වල්පල් කියා සිටියා,

මම ආවේ කඩේ යන්න නෙවෙයි. මම කසාද තුනක් කරගත්තා. තුන්දෙනාම ගියා, දැන් හතරවෙනි එක. හතර වෙනි එකට තරුණ කෙල්ලෙක් ගෙනාවා. දැන් ඉන්නේ එයත් එක්ක. සජිත් තරහා වෙන්න එපා මේකට, මම කඩේ යන්න නෙවෙයි ආවේ මෙතෙන්ට. විමල් වීරවංස මට ගෙයක් දෙනවා කිවුවා. ඒක දෙන්න බැරි උනා. හැබැයි මම ආවේ ගෙයක් ගන්න නෙවෙයි. මගේ නෝනට සජිත් ප්‍රේමදාස ගෙයක් දුන්නා මැදවච්චියෙන්. ඒකත් කියන්න ඕන මේ වෙලාවේ.” ජයසේකර අපොන්සු පවසා සිටියා.