ජනාධිපති ජනාධිපති සමාව අවභාවිත කිරීම එරෙහි විරෝධතා…..

0

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති සමාව අවභාවිත කරමින් රෝයල් පාක් ඝාතන සිදුවීමේ දි වරදකරු වී මරණ දණ්ඩනය නියම වූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ වෙතජනාධිපති සමාව ලබා දීම හා ඔහුව නිදහස් කිරීමට එරෙහිව අද නිහඬ විරෝධතාවක් පැවැත්වූණා.

2005 ජුනි 30 වෙනි දින රාජගිරිය රෝයල් පාක් සුඛෝපභෝගි නිවාස සංකිර්ණයේදි ඉවෝන් නමැති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීම වෙනුවෙන් අදාළ පුද්ගලයා වරදකරු විය.

මහාධිකරණය විසින් 2012 ජුලි 11 වැනිදා සැකකරු වරදකරු කරමින් වසර 12 ක සිර දඬුවමකට ලක් කරනු ලැබූ අතර එම තීන්දුවට එරෙහිව සිදු කළ අභියාචනයේදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විත්තිකරු වරදකරු කරමින් මරණ දණ්ඩනය ලබා දුන්නා.

පසුව පසුගියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව ලබා දුන් අතර ඒ සඳහා හේතු දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු ආගමික නායකයින්, සිවිල් සංවිධානය විසින් සිදු කළ ඉල්ලීම අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එම තීරණය ගත් බවයි.

මේ අතර ජනාධිපති මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි තමා කිසිදිකෙනක රෝයල් පාක් සිදුවීමේ වරදකරු නිදහස් කරන ජනාධිපතිවරයාගේ ඉල්ලා නොසිටි බව සඳහන් කරමින් දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරුතුමා අද ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළා.