මේ ඡන්දෙන් පස්සේ මහින්ද ගෙදර…..!

0

මෙවර ජනාධිපතිවරණයෙන් පසුව තමා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කරනවා.

කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මැතිවරණ කොමසාරිස්වරයා මේ බව සඳහන්කළා.

‘‘ජනාධිපතිවරණය මේ මස 9 වැනිදා තියන්න පුළුවන්ද කියලා අපි මුලින් හිතුවා.එක අතකින් 9 වැනිදා තිබ්බා නම් අද මට නිදහසේ ගෙදර ගිහින් කකුල් දෙක වනවනා ඉන්න තිබුණා.කොහොම වුණත් මම 17 වැනිදාම ලිපිය යවනවා‘‘ මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා.