පැහැර ගැනීමක් ගැන ස්විස්ටර්ලන්ත තානාපති,අගමැති අතර සාකච්ඡාවක්…

0

පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මෙරට ස්විස්ටර්ලන්තයේ තානාපතිවරයා අද (27) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත වාර්තා වේ.

ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවක් සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ප්‍රශ්ණ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව සිදුකිරිමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තය බලා ගමන් කිරිම සම්බන්ධයෙන් මෙම ප්‍රශ්ණ කිරිම සිදුව ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුවට පැමිණිල්ලක්ද කර තිබේ.