ස්විස් තානාපති නිලධාරිණිය පැහැර ගැනීම ගැන රජයෙන් පරීක්ෂණ………!

0

රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

ඊයේ (27) ස්ව්ටර්ලන්ත තනාපති හැන්ස්පීටර් මොක් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඊයේ  රාත්‍රියේ මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට ස්විස්ටර්ලන්ත ෆෙඩරල් ජනරජය ක්‍රියා කළ අතර මෙම සිදුවීම සිය තනාපති නිලධාරින් වෙත එල්ල වූ ඉතා බැරූරුම් සහ අනපේක්ෂිත සිදුවීමක් බවයි එම නිවේදනය මගින් පෙන්වා දුන්නේ.

එසේම සිය රාජතාන්ත්‍රික නියෝජිතයන්ගේ හා තනාපති නිලධාරින් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසද එම නිවේදනයක් මගින් ස්විස්ටර්ලන්ත රජය ලක් රජයෙන් ඉල්ලා තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ සිය සේවය නිමා කොට නිවෙස වෙත යමින් සිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ කාන්තා වීසා නිලධාරිනියක් ඇයගේ නිවස අසලදි සුදු වෑන් රියකින් පැහැරගෙන රදවා ගනිමින් පැය ගණනාවක් ප්‍රශ්න කොට මුදා හැර තිබුණා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here