සුදුවෑන් මාරයා ආ බව ස්විස්ටර්ලන්තය යලිත් තහවුරු කරයි…..!

1

ලංකාවේ සිය තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන තානාපති කාර්යාලය හා සම්බන්ධ තොරතුරු ලබා දෙන ලෙසට බලපෑම් හා තර්ජනය කිරීමක් සිදුවූ බව ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා නිල වශයෙන් පිළිගත් බව නිව්යෝක් ටයිමස් පුවත්පතේ මාධ්‍යවේදිනි මරියා අබි හබ්බ්( Maria Ab – Habib) සඳහන් කරනවා.

සිය ටිවිටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා නිව්යෝක් ටයිම්ස් පුවත්පත වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සිය තනාපති නිලධාරිනිය පැහැරගෙන ඇති බව ප්‍රකාශ කළ බවයි.

එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන ලෙස ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙතින් ස්විස් රජය ඉල්ලා සිටි බවද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළ බවයි ඇය සටහන් කොට ඇත්තේ.



1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here