ජනතාවට පොරොන්දු වූ සාමකාමි රට බිහිකරන්න……, දේශපාලන පලිගැනීම් නතර කරන්න…. සජිත් ජනපතිගෙන් ඉල්ලයි!

0

ජනතාවට පොරොන්දු වූ සාමකමි රට බිහිකරන ලෙසත්, විරුද්ධ මත දැරු රාජ්‍ය නිලධාරින් හා මාධ්‍යවේදින්ට එරෙහිව ක්‍රියාත්මක වන මර්දනය කෙරෙහි අපක්ෂපාතීව කටයුතු කරන ලෙසත්, අනෙකාගෙන් පලිගැනීමේ ක්‍රියාවලියට රාජ්‍ය තාන්ත්‍රය යොමු නොකරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස ඉල්ලා තිබෙනවා.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස සඳහන් කරන්නේ නව ආණ්ඩුව පත් වූ සැනින් එය විවේචනය කිරීම සාධාරණ නොවන බවත් සිය ජනවරමට අනුව කටයුතු කිරීමට කාලයක් ලබා දිය යුතු බවට තමා විශ්වාස කල ද රටේ සංසුන් සමාජය භීතියට පත් කරන ක්‍රියා වලින් නිසා මෙලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here