පුජ්‍ය සහ පූජක පක්ෂයේ ඇතම් සාමාජිකයන් දේශපාලන අතකොළු වෙලා….. පැවිදි පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩ වීම රටට ගෙන එන්නේ විනාශයක්!

0

පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීමෙන් රටට අත් කරදෙන්නේ විශාල විනාශයක් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරනවා.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගි වෙමින් අදරදගුරු හිමියන් මේ බව ප්‍රකාශ කළා.

“අද අපේ පුජ්‍ය සහ පූජක පක්ෂයේ ඇතම් සාමාජිකයන් දේශපාලන අතකොළු බවට පත් වෙලා. රටේ ජනතාවට හා පාලකයන්ට ආධ්‍යාත්මික නායකත්වයයක් ලබා දීම ඔවුන් අතින් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතිනවා. අපේ රට ලෝකයේ ඉදිරියටම යන්න ඔන. එහෙම කරන්න නම් අපි අපේ අධ්‍යාපනය ජාති, ආගම්, භාෂා, පන්ති ලෙස වෙන් නොකරන පොදු අධ්‍යාත්මික පදනමකට ගොනු කළ යුතුයි. සැමට එක හා සමාන නීති රාමුවක් රට තුළ ඇති කිරීම අත්‍යවශ්‍යයි. දේශපාලන නායකයින් ලෙස අධ්‍යාත්මික පදනමමින් යුත් උගතුන්, බුද්ධිමතුන් පුහුණුව ලැබු විශේෂඥවරුන් තෝරා ගත යුතුයි. ලැයිස්තුවට දාන හැමෝම තෝරන්න ඕන නෑ. ඔලුව පාවිච්ච් කරලා තෝරන්න ඕන. මේ රට පාලනය කරන්න පුළුවන් රටට අවශ්‍ය සාධාරණය, ශක්තිය, යුක්තිය ඉටු කරන්න පුළුවන් ද කියලා බලලා ඡන්දය දාන්නඕන . ඔහේ නිකම් රැල්ලට යන එක නෙමෙයි කරන්න ඕන. අපි දේශපාලන වේදිකාවට නගිනවා නම් කරන්නේ මේ රටට ලොකු විනාශයක්. පැවිදි, පූජක අප අපේ නායකත්වය දෙන්න ඕන දේශපාලන වේදිකාවේ එලියේ ඉඳගෙන.” අදරදගුරු හිමිපානන් මෙහිදි සඳහන් කළා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here