L.N.G ව්‍යාපෘතිය ගැන ඇමති වාර්තාවක් කැඳවයි…….!

0

රජයට බිලියන 90 කට අධික මුදලක් අහිමි කළ බවට චෝදනා එල්ල වන එල්.එන්.ජී. ගනුදෙනුව පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් තමන්ට ලබා දෙන නව මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින් වෙත නියෝග කොට තිබෙනවා.

පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) ව්‍යාපෘතිය පිළිබදව අද (20) එම අමාත්‍යාංශයේ දි පැවති අතර එහිදි අමාත්‍යවරයා විසින් මෙම නියෝගය සිදු කොට තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී හෙළිදරව් වූ කරුණු අනුව 63% රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව බාර නොදී, චීන සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් ශ්‍රී ලංකා රජයට මේ වනවිට රු. බිලියන 90 කට අධික මුදලක් අහිමිවී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

මෙම එල්.එන්.ජී. ටෙන්ඩරය සදහා දේශීය සමාගමක් විසින් වැඩිම පිරිවිතරයන් ඉදිරිපත් කර තිබියදීත්, විදුලිබල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ වුවමානවට එම ටෙන්ඩරය අඩු මුදලක් සහිත පිරිවිතරයන් ඉදිරිපත් කර තිබූ චීන සමාගමකට ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ.

නිලධාරින් විසින් ලබා දෙනු ලබන සවිස්තරාත්මක වාර්තාව අනුව විශේෂ සාකච්ඡාවක් 5 වෙනිදා පැවැත්වීමට මෙහිදි එකඟ වී තිබෙනවා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here