19 ට වැඩේ දෙන්න ජනපති ගෝඨාභය සූදානම්…….!

0

පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලය ලැබුණවිට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබෙනවා.

“ද හින්දු” පුවත්පත සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අසමත් සංශෝධනයක් බවයි.

“19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් අසමත්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණොත් අපි එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථකව කළ හැක්කේ සහෝදරවරුන් දෙදෙනකුට පමණයි (සිනාසෙයි). රටක් සාර්ථකව පාලනය කරන්න නම් ස්ථාවරත්වය අවශ්‍යයි. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේදී එහෙම වුණේ නැහැ. ඔවුන් හැම තිස්සෙම ගැටුම් ඇති කරගත්තා. කිසිදු සංවර්ධනයක් වුණේ නැහැ. ස්ථාවරත්වය නැති නම් ආයෝජකයන් එන්නේ නැහැ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පොරොන්දු වූ පූර්ණ බලතල ක්‍රියාත්මක කරන්න බැහැ. එය බහුතර ප්‍රජාවගේ, සිංහල ජනතාවගේ කැමැත්තට, ඔවුන්ගේ හැඟීම්වලට විරුද්ධයි. උතුර සංවර්ධනය කරන්න කිසිදු සිංහලයෙක් විරුද්ධ වෙන්නේ නැහැ. රැකියා දෙනවාට විරුද්ධ නැහැ. එහෙත් දේශපාලන ප්‍රශ්න වෙනස්. පොලිස් බලතල වගේ ඒවා හැරෙන්න 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කොටස් දැනටමත් ක්‍රියාත්මකයි. පොලිස් බලතල වගේ ඒවා අපට ක්‍රියාත්මක කරන්න බැහැ. ඒවාට තිබෙන විකල්ප ගැන කතා කරන්න මම කැමැතියි.” ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙහිදි මාධ්‍යවේදිනිය විමසා සිටින්නේ ඔබ පවුල තුළ කම්මුතුකාරයෙක් (Terminator) යන ප්‍රකාශයේ සත්‍යතාව ක් ඇත්ද යන්නයි

මේ සඳහා සිනා සෙමින් ජනාධිපතිවරයා පවසා සිටින්නේ “මගේ කුඩා කාලයේ ඉදලම පවුලේ ඉන්න අහින්සකම කෙනා මම කියලයි හැමෝම කියන්නේ. පවුලේ හැමෝම කිව්වේ ආමි එකට යන්න තිබ්බේ මහින්ද කියලත්, දේශපාලනයට එන්න තිබ්බේ මම කියලත්”



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here