නිදහස් පක්ෂයේ විනය කඩ අය පක්ෂයෙන් නෙරපීම ඇරඹේ…….. හිටපු අමාත්‍ය ෆවුසි දැනටමත් දොට්ට……..

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි විනය කඩකළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මේ වනවිටත් පක්ෂය විසින් තීන්දු තීරණ ගනිමින් සිටින බවය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මේ දවස්වල පක්ෂයේ විනය ක්‍රියාමාර්ග පැවරීම තම දෛනික ජීවීතයේ අංගයක් බවට පත්ව ඇතියි කී අමාත්‍යවරයා ඒ. එච්. එම්. ෆවුසි හිටපු අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ ලිපියට තමන් අත්සන් තැබූ බවත්, හිටපු අමාත්‍යවරයාට අවශ්‍යනම්, අධිකරණයට යා හැකි බවද  සඳහන් කළා.

එසේම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදු ජන සංධානයත් එකට එක්ව කිසිදු ගැටලුවකින් තොරව කටයුතු කරන බවද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අභිප්‍රාය වන්නේ සෑම විටම මහජනතාව උදෙසා කැපවී කටයුතු කිරීම බවද අමාත්‍යවරයා පවසා සිටියා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here