පක්ෂ නායකත්වයට සජිත්? හෙට සිට සටන ඇරඹෙයි………..!

0

හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස හෙට (05) සිට නැවත ත් සක්‍රියව දේශපාලනයේ නිරත වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙනවා.

හෙට සිට දිවයින පුරා පිහිටි විහාරස්ථානවල ආගමික කටයුතුවලට සම්බන්ධ වීමටත්, මහජනතාව හමුවීමටත් සජිත් ප්‍රේමදාස සැලසුම් කොට ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු සදහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙරේදා දිනයේදී හමු වී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් මන්ත්‍රිවරයා සඳහන් කළා.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය සම්බන්ධව එ.ජා.ප.යේ නායකයන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරන බවත්, රනිල් වික්‍රමසිංහ පක්‍ෂයේ අනුශාසකවරයා ලෙස සිටියදී සජිත් ප්‍රේමදාස ට පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය ලබාදිය යුතු බවත් හරින් ප්‍රනාන්දු වැඩි දුරටත් සඳහන් කළා.

අද (04) කොළඹ කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලට පැමිණි හිටපු අමාත්‍ය ප්‍රේමදාස සිය සමිපතමයන් හා සාකච්ඡා කොට ඇති බවද වාර්තා වේ.

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here