පැහැර ගැනිමට ලක්වු තානාපති කාර්යාලයේ සේවිකාව CID යට එයි

0

පසුගියදා පැහැර ගැනිමට ලක්වු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය ප්‍රකාශය ලබාදි තිබේ. සුදු පැහැති වාහනයකින් පැහැර ගැනිමට ලක්වු ඇය පැය කිහිපයක් රදවා ගනිමින් ප්‍රශ්ණ කර පසුව මුදාහැර තිබුනා.

අද සවස 4.30 ට පමණ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ පැමිණි ඇය සිය ප්‍රකාශ ලබාදුන් අතර පසුව වෛද්‍ය වාර්තාවක් සඳහා ඇයව ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර තිබේ.

තානාපති කාර්යාලය ඇගේ සෞඛ්‍යය පිරිහෙමින් පවතින බව සදහන් කරමින් ඇයට විශේෂ ගිලන්රථ ගුවන් යානයකින් ස්විට්සර්ලන්තයේ රෝහලකට යාමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් ප්‍රකාශයක් ලබා නොදී ඇයට රට හැර යාමට ඉඩ දිය නොහැකි බව පවසමින් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුනා.