චම්පික රණවක අත්අඩංගුවට ගැනිම ගැන පොලිස් කොමිසමෙන් වාර්තාවක්!

0

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (23) වාර්තාවක් කැදවිමට නියමිතයි.ඒ අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර ඇතිද යන්න පිළිබඳවවයි.

පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී නියමිත ක‍්‍රමයට සිදු වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේන අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාව කැදවන විමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේනම් මෙතෙක් පැවති සම්ප‍්‍රදාය වුයේ කථානායකවරයා දැනුවත් කර එසේ කිරීමයි. පාඨලී චම්පික මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමේ දී ඒ සදහා සහභාගි වු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්වරයා ඇතුලූ පොලිස් කණ්ඩායම අදාල මන්ති‍්‍රවරයාගේ නිවසට ගොස් පාර්ලිමේන්තුව දැනුවත් කර ඇත්තේ දැයි විමසු අවස්ථාවේ එම නිවසින් පිටතට පැමිණ ප.ව 6.57 ට දුරකතනයෙන් මා අමතා අත්අඩංගුවට සිදු කළ බවට දන්වන ලද බවද නියෝජ්‍ය කථානායකවරයාගේ ලිපියේ සඳහන් වේ.

මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමන කළ යුතු කි‍්‍රයා පිළිවෙත මෙම අවස්ථාවේ සිදුව නොමැති බවට තමන් විශ්වාස කරන බවත් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කර නිසි පියවර ගන්නා ලෙසට නියෝජ්‍ය කතා නායකවරයා සිය ලිපියෙන් ඉල්ලා තිබේනවා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here