Y12 යානයක් කඩා වැටෙයි….. ගුවන් හමුදා සාමාජිකයින් 4 ක් මරුට……

1

විරවිල ගුවන් හමුදා කදවුරේ සිට ගුවන් ගත වු ගුවන් හමුදාවට අයත්  වයි 12 ගුවන් යානයක් තම්බපිල්ලේ වතුයාය ප්‍රදේශයේදි අද (03) උදැසන 9 ට පමණ කඩා වැටි ඇත.

අනතුරට පත් ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා සහ තවත් ගුවන් හමුදා නිලධාරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හපුතලේ පොලිසිය පැවසිය.

කඩා වැටුණු වයි 12 ගුවන් යානය  ගිනි ගැනිමෙන් අනතුරුව එය නිවා දැමිමට එම වතු යායේ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරතවි ඇත.

ගුවන් අනතුරෙන් ජිවිතක්ෂයට පත් ගුවන් නියමුවන් දෙදෙනාගේ සහ තවත් ගුවන් හමුදා නිලධාරින් දෙදෙනෙකුගේ සිරුර මේ වන විට හපුතලේ මුලික රෝහලේ තැන්පත් කර ඇති බව හපුතලේ පොලිසිය පැවසිය.

ගුවන් අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාව සහ හපුතලේ පොලිසිය වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.



1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here