පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග ගුරුවරයා නල්ලතන්නියේ නවාතැන්පොලක!

0

පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පොලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයෙකු ඊයේ (03) රාත්‍රි සැකපිට නල්ලතන්නිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේනවා.

වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචි සැකකාර බාහිර පන්ති ගුරුවරයා වයස අවුරුදු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග ඊයේ (03) රාත්‍රි ශ්‍රි පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රි පාද වන්දනාවේ මද දුරක් ගොස් තමන්ට ශ්‍රි පාද පද්ම දක්වා යාමට නොහැකි  බව පවසමින් එම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා සමග නල්ලතන්නිය නගරයට ආපසු පැමිණ නල්ලත්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි  නවාතැන්පොලකට ගොස් පියා සහ දියණියන් දෙදෙනා වශයෙන් එම නවාතැන්පොලේ කලමණාකරුට පවසා කාමරයක් කුලි පදනම මත ලබාගෙන තිදෙනාම එම නවාතැන් පොලේ කාමරයේ රැදි සිටියදි පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකාර බාහිර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

අවුරුදු 45 පමණ වයසැති සැකකාර බාහිර පන්ති ගුරුවරයා විවාහක අයෙකු බවත්, පාසල් ශිෂ්‍යාවන් දෙදෙනාද තවත් ශීෂ්‍යාවන් පිරිසක් සමග ශි පාද වන්දනාවේ යන බව පවසා නිවසින් ඊයේ (03) උදැසන පිට වි ඇත.

සැකකාර බාහිර පන්ති ගුරුවරයා ආගමික කටයුතු වල නියැලෙන අයෙකු බවත්, මිට ප්‍රථමද මෙම ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන මෙම බාහිර පන්ති ගුරුවරයා සිගිරිය නැරඹිමට ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

නල්ලතන්නිය පොලිසිය භාරයේ සිටින ශිෂ්‍යායවන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු බවත්, එම සිසුවියන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍යය වාර්තාවක් ගැනිමෙන් පසු එම සිසුවියන් දෙදෙනා දෙමව්පියන් වෙත භාර දි සැකකාර බාහිර පන්ති ගුරුවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

බාහිර පන්ති ගුරුවරයා වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කාලයක්  තිස්සේ ඉංග්‍රිසි උගන්වන බාහිර පන්ති ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

හැටන් රංජිත් රාජපක්ෂ



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here