176කට මරු කැදවුයේ වෙඩි උණ්ඩයක්ද?

0

අද අලුයම ටෙහෙරානයේ Imam Khomeini ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගත වී මිනිත්තු තුනකට පසුව කඩා වැටිමට හේතුව මේ දක්වා නිශ්චිතවම අනාවරණය වි නොමැති වුවත් අනතුරට හේතුව ගුවන් යානා බිම දැමිම සදහා භාවිතා කරන අවියකින් අහම්බු වෙඩි තැබීමක් විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය විශ්ලේෂකයන්ගේ අදහස වි ඇත්තේ. BBC ඉරාන වාර්තාකරු Ali Hashem විසින් ට්වීට් කරන ලද වීඩියෝ දර්ශන මගින් දැවැන්ත පිපිරීමක් සිදුවීමට පෙර යානය දැනටමත් අහසේ ගිනිගෙන ඇති බව පැහැදිලිවම දකින්නට තිබේ.(පහතින් බලන්න)

මිය ගිය ගුවන් මගින් 176 දෙනා අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු සහ කැනේඩියානු ජාතිකයින් 73 දෙනෙකු, ඉරාන වැසියන් 71 ක්, යුක්‍රේනියානුවන් 15 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු සහ තවත් යුරෝපීයයන් කිහිප දෙනෙකු සිටින අතර ඇතැම් අය සම්බන්ධයෙන් පිළිබඳ පරස්පර වාර්තා ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සදහන්.

ජෙනරාල් කස්සෙම් සොලෙයිමනීගේ ඝාතනයෙන් පසුව ඉරානය ඉරාකයේ එක්සත් ජනපද කඳවුරුවලට මිසයිල ප්‍රහාරයක් එල්ල කල අතර එම ප්‍රහාරයෙන් පැය කිහිපයක් තුල මෙම අනතුර සිදුවිම සැකය තවත් තහවුරු කිරිමට හේතුවක් වි තිබේ.

යානයේ එක් එන්ජිමක ගින්නක් ඇතිවීමෙන් නියමුවාට බෝයිං ජෙට් යානය පාලනය කර ගත නොහැකි වූ නමුත් කාර්ය මණ්ඩලය හදිසි අවස්ථාවක් වාර්තා කර නොමැති බවත් ගින්නට හේතුව කුමක්දැයි නිශ්චිත සටහන් පවා නොමැති බව ඉරානයේ බලධාරීන් සදහන් කරයි.දත්ත වලට අනුව ගුවන් යානය තවමත් සම්පූර්ණ කර ඇත්තේ වසර තුනක පමණ කාලයක් වන අතර පියාසැරි දත්ත වලින් පෙනී යන්නේ බොයිං 737-800 ගුවන් යානය අඩි 7,925 ක උන්නතාංශයකට ළඟා වී ඇති බවයි.නමුත් ගුවන් නියමුවා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් නොකළ බව ගුවන් හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය පෙන්වා දි තිබේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here