මහමැතිවරණයට: සජිත්ගේ නායකත්වයෙන් පුලුල් සන්ධානයක්!

0

ඉදිරි මැතිවරණයට විපක්ෂය පුඑල් සන්ධානයකින් ඉදිරිපත් වන බවත් එම මැතිවරණට නායකත්වය දෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසනවා.

දිර්ඝ කාලයක් අතහැර දමා තිබුණු පේරාදෙණිය සතිපොළ පැවති භූමි ප‍්‍රදේශය ගඟවට කෝරළේ ප‍්‍රාදේශීය සභා අරමුදල් රු. මිලියන 5.5ක වියදමින් සංවර්ධනය කොට විවෘත කිරිමේ අවස්ථාවට අද එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ අද ආණ්ඩුව මඩ ෆැක්ටරියක් බවට පත්ව ඇති බවයි.

“දීර්ඝ කාලයක අතහැර දමා තිබුණ මෙම සතිපොළ නැවත සංවර්ධනය කිරිම පිළිබඳව මා සතුටු වෙනවා. මන්ද ග‍්‍රාමීය ජනතාව බොහෝ දෙනෙක් මෙම පොළෙන් පහසුකම් සපයා ගත්තා.සතිපොළ විවෘත කිරිමෙන් පසුව නිරික පොෂණය කිරිමෙන් තේරුණෙ අද එළවඑ මිල ඉතා අධිකයි.ඉතින් රජය මිල පාලනයක් ඉක්මනින් ඇති කරන්න. මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉෂ්ඨ කරන්න. ආණ්ඩුව මේ දවස්වල හ`ඩ පටයක් අල්ලාගෙන දඟලනවා. ආණ්ඩුව මඩ ෆැක්ටරියක් වෙලා.”

“හිරිකිතයි. ධර්මද්වීපයක් හදන්නයි බලයට ආවේ නමුත් අද හඩ පටයක් අල්ලාගෙන රූපවාහිනි මාධ්‍ය සියල්ලම යොදාගෙන අසභ්‍ය වචන පවා තිබෙන හ`ඩපට ප‍්‍රචාරය කරනවා. ඒක හරිද ? පුදුමයට කාරණාවක් නෙමෙයි මන්ද අපේ පක්ෂයේ අයටත් ආරාධනා ලැබී තිබුණා රුවන්වැලි සෑය අබියස දිවුරුම් දීමේ උත්සවයට. රජයේ පළමු උත්සවය පැවැත්වුණෙත් හූ හඩ මධ්‍යයේ. හූ හඩ මධ්‍යයේ ආරම්භ කළ දේවල් සාර්ථක වන්නේ නැහැ.”

“මන්ත‍්‍රීවරයෙකුගේ වගකිම අපි තේරුම්ගත යුතුයි. මමත් අවුරුදු 31ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මන්ති‍්‍රවරයෙක් කියන්නේ දුක්ගන්නාරාළ වගේ. මටත් නිතරම දුරකථන ඇමතුම් එනවා වෛද්‍යවරුන්ගෙන්, නීතිඥ මහත්වරුගෙන්, විනිසුරුවරුන්ගෙන්, ජනතාවගෙන්. ඒ අයට සිදු වූ අසාධාරණකම් ගැන පාර්ලිමේන්තුවේ කථාකරන්නයි ඒ අය අපිට කියන්න.මන්තී‍්‍රවරයෙක් වුණාම අපි ඒ අයගේ දුක අහලා යම්කිසි සහනයක් දෙන්න කටයුතු කරන්න.”

“ඉදිරි මැතිවරණයට විපක්ෂය පුඑල් සන්ධානයකින් ඉදිරිපත් වෙනවා. මැතිවරණට නායකත්වය දෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහතායි. එතුමත් සමඟ අත්වැල් බැඳගෙන මේ මැතිවරණය ජයග ‍්‍රහණය කරන්න සිය`එ දෙනාම සූදානම් විය යුතුයි.”



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here