ගෝඨාභය ආණ්ඩුවේ දේශපාලන පලිගැනිම් නෑලු!

0

ගෝඨාභය රාජපක්ෂ ජනාධීපතිවරයාගේ රජය යටතේ කිසිම දිනක කිසිඳු ආකාරයක දේශපාලන පළි ගැනීම් සිදු නොකර බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පවසනවා.

තලවකැලේ- ලිඳුල, ආගරපතන සහ කොත්මලේ පළාත් පාලන ආයතනවල ගැටළු සාකච්ඡා කිරීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (11) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද  ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙ අදහස් පලකර සිටියා.

මෙහෙදී තව දුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවයා මෙසේද කීය.

“රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිඳු  දේශපාලන පළි ගැනීමක් නැහැ. මේ රජය කවදාවත්ම එහෙම කරන්නේ නැහැ. නමුත් එක එක දේශපාලන පක්ෂ විසින් තම වාසියට මෙය හරවා ගන්න බලනවා. මේ සිද්ධිය දේශපාලනට හරවා ගැනීම මම හිතන්නේ සම්පුර්ණ වැරදි ක්‍රියාවක් කියලයි. මෙම සිද්ධිය පොලීසියට භාරදී තිබෙනවා. පොලීසිය නිසි ලෙස එම කටයුතු ඉටු කරයි.”

“මේ රටේ නීතියක් තිබෙනවා. එම නීතියට  අනුව මේ කටයුත්තත් ක්‍රියාත්මක වේවි. මේ ගැටළුව විමර්ශණය කිරීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙනවා. නීතිපති දෙපාර්තුමේන්තුව තියෙනවා. පොලිස් දෙපාර්තුමේන්තුව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි පුද්ගලික මත ප්‍රකාශ කරනවාට වඩා ඒ් සදහා  අදාල ආයතනවලට අවස්ථාව ලබා දෙනවානම් ඒක තමයි අපි හැම දෙනාම සිදු කල යුතු කාර්ය වන්නේ. තමන්ගේ පුද්ගලික මත මේ සදහා ප්‍රකාශ නොකර සිටීම තමා වැදගත් වන්නේ “



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here