දියර කිරි පැකට් එක් ලක්ෂ තුන් දහසක් මාස 4ක් අඹේවෙල ලොරිවල!

0

රජයේ දියර කිරි මිලදී ගැනීම් සිදුකරන මිල්කෝ ආයතනය මගින් නිෂ්පාදනය කර වෙළඳ පොලේ අලෙවි කිරීම සදහා සුදානම් කරතිබූ දියර කිරි පැකට් එක් ලක්ෂ තුන් දහසක් (103,000) අඩංගු ඇසුරුම් පටවන ලද ලොරි රථ එකොළහක් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට අඹේවෙල කිරි නිෂ්පාදනාගාර භුමියේ ගාල් කර ඇති බවත් ඒ පිලිබදව වහාම සොයා බලන ලෙසත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජන්ධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ එම දියර කිරි පැකට් තොගය ‘ටියුනික් ලංකා’ නමැති පුද්ගලික ආයතනයක්  විසින් නිෂ්පාදනය කර ඇති බවයි.

එසේ ගාල්කර ඇති එක් ලොරි රථයක කල් ඉකුත්වූ දියර කිරි සහිත ඇසුරුම් ඇති බවත් එම ලොරි රථයට එහි කළමනාක්රිතාවය විසින් මුද්‍රා තබා ඇති බවත් අනෙක් ලොරි රථවල ඇති දියර කිරි සහිත ඇසුරුම් වෙළඳපොළට යැවීමට පෙර ඒවා සුදුසු තත්වයේද යන්න පිලිබදව සොයා බලන ලෙසද ඒ මහතා ඉල්ලා සිටි.

මිල්කෝ ආයතනයේ දුර්වල කලමනකරණය නිසා පසුගිය වසර කීපය තුළ කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කිරීමෙන් ඉවත්ව ඇති බවත් දියර කිරි ලීටර් ලක්ෂ හතරක නිෂ්පාදන ධාරිතාවයක් ඇති දිගන, නාරාහේන්පිට, අඹේවෙල, පොලොන්නරුව යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය 1/3 දක්වා පහත වැටි ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here