දූෂණ චෝදනා, ඥාති සම්බන්ධතා වලට මහමැතිවරණයේ දි නාමයෝජනා නෑ!

0

මහමැතිවරණයේ දි නාමයෝජනා අවශ්‍ය නම් අවංකව වැඩ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරනවා.

ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි මේ බව සඳහන් කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ නෑදෑකම්වලට, හිතවත්කම්වලට මහ මැතිවරණයේදී නාමයෝජනා නොදෙන බවයි.

පවතින දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් ජනතාව අතර යහපත් ප්‍රතිචාරයක් නොමැති බව ද මෙරට පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ගත හැකි මෙන්ම ගතයුතු සියලු තීන්දු තීරණ ගැනීමට තමන් නොපැකිළෙන බවද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කොට තිබෙනවා.

එසේම දූෂණ චෝදනා ලබා ඇති කිසිවෙකුට නාමයෝජනා ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here