චන්ද්‍රිකා කුමාරතුංග අත්තනගල්ලෙන් ඉවතට……!

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක තනතුරෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඉවත් කොට තිබෙනවා.

පක්ෂයේ ජේෂ්ඨ උපදේශිකාවක්ද වන ඇය වෙනුවට ලසන්ත අලගියවන්න පත්කොට තිබෙනවා.

චන්ද්‍රිකා කුමරතුංග ඉවත් කිරීමට මෙම තීරණය ගනු ලැබුවේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් මත බවත් ඇය පක්ෂයේ තීන්දු තීරණ වලට එරෙහිව ක්‍රියා කිරීම නිසා මෙම තිරණය ගත් බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළා.