පත්කරගත් එජාප නායකත්වය සමඟ පළමු ආණ්ඩු විරෝධි රැලිය ජන: 23 වෙනිදා………

0

විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පළමු ආණ්ඩු විරෝධි ජන රැලිය ලබන බ්‍රහස්පතින්දා (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වීමට තීන්දු කොට තිබෙනවා.

ඊයේ (16) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රනිල් හා සජිත් දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන්ගේ වාද විවාද මැද පැය කිහිපයක් පුරා පැවති මෙම රැස්වීම ආරම්භයේ සිටම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත් බවද පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්  කළ යුතු බවට මන්ත්‍රීවරුන් අතරින් දැඩි බලපෑමක් එල්ල වූ අවස්ථාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊට විරෝධය පළකරමින් රැස්වීමෙන් පිටවගොස් ඇති අතර නැවතත් ඔහුව සාකච්ජාවට එක්කර ගැනීමට මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් ඔහු සමග වෙනම සාකච්ජා පැවැත්වුවද එයද අසාර්ථක වූ බවද වාර්තා වෙනවා.

අනතුරුව පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කල යුතු බවට රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා කළ යෝජනාව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ස්ථිර කර තිබේ. ඒ අවස්ථාවේදී සජිත්ට සහය පලකරන මන්ත්‍රීවරුන් 13 දෙනෙකු රැස්වීමෙන් නැගිට ගොස් තිබේ.

මෙම රැස්විමට සහභාගිවි සිටි මන්ත්‍රිවරුන් 65න් 52ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තෝරා පත් කර ගත යුතු බවට ඡන්දය ප්‍රකාශ කරමින් එකගතාවය පළ කළ බව රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියා.