රන්ජන් පාර්ලිමේන්තුවට,.. රාජ්‍ය නායකයෝ,දූදරුවෝ,මැති ඇමැතිවරු සියල්ලටම අනතුරු අගවයි…

0

රාජ්‍ය නායකයෝ , ඔවුන්ගේ දූදරුවෝ , මැති ඇමැතිවරු කතා කරපු හඩපට මෙන්ම ආණ්ඩුව හංගන දේවල්ස ම්බන්ධයෙන් වු හඩපට තමන් ළඟ තියෙන බවත් ඒ සියල්ලම පාර්ලිමේන්තුවට ලබා දෙන බව බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

හඬ පට ප්‍රචාරය වීමෙන් පෞද්ගලිකව හානී වු සියලු දෙනාගෙන් අවංකවම සමාව ඉල්ලන බව සදහන් කල මන්ත්‍රීවරයා තමන් කෝප් කමිටුව හමුවට කැමරාවක් රැගෙන ගිය බවද සදහන් කලා.

“මම කෝප් කමිටුවේ සාමාජිකයෙක් වැටලීම්වලට සක්‍රීයව දායකත්වය දුන්නා.ලංකාවේ මිනිස්සු වගේ දන්නේ නෑ, කිව්වේ නෑ, අමතකවෙන ජාතියක් නෑ තවත් නෑ. ඒ නිසා මං මගේ කැමරාව කාටත් හොරෙන් අරන් ගියා” බවද කියා සිටියා.

“හඬපට ජාතියට හෙළි කිරීම නිසා පෞද්ගලිකව සමාව ඉල්ලනවා. මගේ වුවමනාවට මේ කිසි දෙයක් හෙළිදරව් කළේ නෑ. මගේ ආරක්ෂාවට විතරයි මා ඒවා තියාගත්තේ. CID මහත්තුරු එක්ක කතා කළේ හොරුන්ව ඇතුළට යවන්න. නැතුව හොරුන්ව ගෙදර යන්න නෙවෙයි. රාජ්‍ය නායකයෝ , ඔවුන්ගේ දූදරුවෝ , මැති ඇමැතිවරු කතා කරපු හඩපට තියෙනවා. ආණ්ඩුව හංගන දේවල් මා ළඟ තියෙනවා මම ඒවා අද සභාගත කරනවා. ඒ සියලු දෙනාගේ හඬපට පාර්ලිමේන්තුවට ලබා දෙනවා.”