19 අහෝසි කරන්න එජාපයේ සහය නෑ…….!

0

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සහයක් හිමි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංගේ බණ්ඩාර පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ  සිරිකොත මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද (23) එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“ආණ්ඩුව බලයට පත්වූ දවසේ සිටම කියන්නේ තුනෙන් දෙකක බලයක් දෙන්න ජනතාවට සහන දෙන්න. අපි ආණ්ඩුව ගන්නකොට මන්ත්‍රී ධුර 42යි තිබුණේ 2015 ජනවාරි මාසයේ 08 දා. මන්ත්‍රී ධුර 42ක් තියාගෙන තමයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරමින් රටේ පොදු ජනතාවට සහන රාශියක් දුන්නේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරෙත් විශ්‍රාමිකයන්ගේ දීමනාය වැඩි කරෙත්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය ගෙනල්ලා ඒ අයිතිවාසිකම සනාත කිරීම සඳහා පියවර ගත්තේත්, ඒකාධිපතිවරයා නැති කිරීම සඳහා තමයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය ගෙනාවේ. එහෙනම් දැන් 19ය අහෝසි කරලා යන්න හදන්නේ ඒකාධිපතියෙක් වෙන්නද?“ මන්ත්‍රිවරයා විමසා සිටියා.