කොරෝනා වෛරසය ජීවිත 41 ක් බිලි ගනි….. අවධානයෙන් සිටින්න…..

0

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් චීනයේ පුද්ගල මරණ 41 ක් මේ වන විට වාර්තා වී තිබෙනවා. 24 වනදා රාත්‍රිය වන විට තවත් අසාදිත පුද්ගලයින් 180 ක් පමණ හදුනා ගෙන ඇති අතර ඒ සමඟ මේ වන විට රෝගින් සංඛ්‍යාව 1287 ක් පමණ වනු ඇති බව එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම වෛරසය පාලනය කිරීමේ අරමුණින් චීනයේ ප්‍රධාන නගර 13 ක නිරෝධායන වැඩසටහනක් ආරම්භ කර අතරම හුබෙයි පළාතේ නගර 10 ක සංචාරය කිරීම අත්හිටුවා ඇත.

මෙම තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය කෙරෙහි හදිසි තත්ත්වයක් පනවා තිබේ. උණ, හිසරදය, වමනය, කැස්ස වැනි රෝග ලක්ෂණ මෙම වෛරසයේ සුලභ වන අතර නිව්මෝනියාව, වකුගඩු අක්‍රියතාව සහ මරණය ප්‍රතිඵල වේ.

නිතරම සෙනඟ ගැවසෙන ස්ථාන වලින් ඉවත් ව සිටීමට සහ ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහල වෙත යාම කළ යුතු බව සෞඛ්‍ය සංවිධාන විසින් උපදෙස් ලබා දී ඇත.

මේ අතර චීනයේ කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.